1.15.2016

ජපන් කතා 3 - ඇරඹුම තෙවන කොටස


2015 ඔක්තෝබර් ඉන්ටේක් එකට අයදුම් කරනවා නම් ඒ සඳහා ඇති අවසන් දිනය 2015 ජුනි බවත්, දැන් මැයි මාසය නිසා ඉක්මනට අයදුම් පත් පිළියෙළ කරගන්නා ලෙසටත් මගේ ආචාර්යවරයා දන්වා එව්ව. අයදුම් කිරීම සම්බන්ධ තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බලා සූදානම් වන ලෙස මට කී ඔහු, අයදුම් කිරීම සඳහා රිසර්ච් ප්‍රපොස්ල් එකක් ලිවීම අවශ්‍ය බවත්, එය හොඳින් ලිවීම සඳහා මට ඔහුගේ උපදෙස් ලබා දිය හැකි බවත් වැඩිදුරටත් සඳහන් කළා.


හොඳ රිසර්ච් ප්‍රපොසල් එකක් ලිවීම සඳහා මගේ දැඩි අවධානය යොමු වුනේ නිතැතින් මයි. මොකද කියනවා නම් මම විදේශීය විශ්ව විද්‍යාලයකට අයදුම් කරන බව ලාංකික ආචාර්යවරයාට දන්වා තිබූ නිසා, ඔහු සමග ආරම්භ කරන්නට සිටි පර්යේෂණ කටයුතු වලින් මම නිදහස් උනා. දැන් මේ අයදුම් පත සාර්ථක උනොත් හොඳයි, නමුත් අසාර්ථක උනොත් අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වෙනවා. එහෙමයි කියල වැඩි පරිස්සම තකා බැකප් එකක් ලෙස මම ලාංකික විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයා සමගත් වැඩ කරන ගමන් අයදුම් කළා නම්, මට විදේශගත වන්නට වූ විට අමාරුවේ වැටෙන්නේ ලාංකික විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයා.


කලින් කිවුවා වගේ, 2015 ඔක්තෝබර් ඉන්ටේක් එකට අයදුම් කරනවා නම් මට හිමි වන්නේ ජාත්‍යන්තර අයදුම්කරුවන්ට සාම්ප්‍රදායිකව හිමි වන ශිෂ්‍යත්වය නොවෙයි වෙනත් එකක්. කොහොම උනත් ඕනෑම ශිෂ්‍යත්වයකට අයදුම් කිරීමේදී යම්කිසි තරඟකාරී බවක් තිබීම සාමාන්‍යයි. දැන් කරන්නට ඇත්තේ එක දෙයයි. අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වෙන්නේ මගේ අයදුම් පත ප්‍රතික්ෂේප උනොත් පමණයි. ඉතින් මට ඇත්තේ එකම එක ඔප්ෂන් එකක් පමණයි. ඒ තමයි,


“ප්‍රතික්ෂේප වෙන්නේ නැති තරම් හොඳ අයදුම් පතක් පිළියෙළ කරගැනීම”





මම ජීවිතයේ නොයෙක් දුක් කරදර විඳපු කෙනෙක්. කට්ට කාපු කෙනෙක්. ඒ හැම වෙලාවකම මම අත්දැකපු එක දෙයක් තිබුණ.

 “People become strong when they have no other option to take.”

(වෙනත් කිසිදු පිලියමක් නැති කල, මිනිස්සු පුදුමාකාර ලෙස ශක්තිමත් වෙති.)


ඉතින් මම ගොඩක් මහන්සි වෙලා රිසර්ච් ප්‍රපොස්ල් එකේ පළමු පිටපත මගේ ආචාර්යවරයාට ඊ මේල් කළා. පළමු පිටපත ගොඩක් මෝඩ පිටපතක් ඇත්තටම. නමුත් ඔහු මට ඒ බව කෙලින් කිව්වේ නැහැ. නමුත් ඔහු මට කොමෙන්ට්ස් එවුවා. ඒ කොමෙන්ට්ස් සමග මම දෙවෙනි පිටපත ලියා යැවුවා. ඒක කලින් එකට වඩා හොඳ බව කී ඔහු, යලිත් කොමෙන්ට්ස් එව්වා. ඔය විදියට, පිටපත් කිහිපයකට කොමෙන්ටු ලැබුණු පසු මම ලියපු හතරවෙනි පිටපත ඉතා හොඳ එකක් ලෙස හා තේරීම් කමිටුව සතුටු කල හැකි මට්ටමේ එකක් බවට ඔහු අතින් පිළිගැනීමට ලක් වුනා. කොහොම උනත් මේ සඳහා ටික දවසක් ගත වුනා.


ඊට පස්සේ තිබුනා රචනා හතරක් ලියන්නට. ඒ රචනා වලට අදාළ මාතෘකා ඔවුන්ගේ වෙබ්සයිට් එකෙන් ගන්නට ඕන. රචනා ලියන්නට පටන් ගන්නා ගමන් ම, මම වෙබ්සයිට් එකෙන් අයදුම් කිරීම සඳහා ඇති තොරතුරු කියවා බැලුව.


“අයදුම් පත්‍රය ඔබට බාගත කරගත නොහැකි අතර, අයදුම් පත්‍රය ලබාගැනීම සඳහා අපගේ විශ්ව විද්‍යාලයේ පිහිටුවා ඇති ශිෂ්‍ය කටයුතු අංශයට පැමිණෙන්න. පැමිණීමට නොහැකි නම් තැපැල් ගාස්තුවට අදාළ IRC (International Reply Coupon) පත් සංඛ්‍යාව සමග, ඔබට අවශ්‍ය කරන අයදුම් පත්‍රයේ වර්ගය, නම හා ලිපිනය පහත අයදුම් පත්‍රයේ පුරවා, අපට ලිපියක් එවන්න”


මගේ ශිෂ්‍යත්වය ජාත්‍යන්තර අයදුම් කරුවන්ට ලැබෙන සම්මත ශිෂ්‍යත්වය නොවෙයි. ඒ නිසා එය ඔන්ලයින් බාගත කරගත නොහැකි වීම සාමාන්යෙන් කිසිවෙකුටත් ගැටළුවක් ඇති කරන්නේ නැහැ. නමුත් එය මට ගැටළුවක් ඇති කළා.


අයදුම් පත් තැපැල් කල යුතු අවසාන දිනය ජුනි 24. අද ජුනි 8 වෙනිදා.


මම යවන අයදුම් පත ලබා ගැනීමේ අයදුම් පත ජපානයට යන්නත් ඕන. ජපානේ ඉඳන් අයදුම් පත ආපහු එන්නත් ඕන. ඒ ආවට පස්සේ මට ඒක පුරවන්නත් ටික දවසක් යාවි.


“ඇයි මට මේක කලින් චෙක් කරන්න බැරි උනේ?” මගෙ හිතේ ඇතිවුනේ තරහක්, මා ගැනම.


අයදුම් පත ලැබුණු හැටි, ලබන සතියේ J



මෙතෙක් මා හා රැඳී සිටියාට ඔබට ගොඩක් ස්තුතියි..




16 comments:

  1. අද මම එක,,,,,,
    // “People become strong when they have no other option to take.”//
    මේකනම් පට්ට ඇත්ත, අත් දැකී මෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකේ එක වෙන එක බොහොම පහසුයි ලලිත්.
      “People become strong when they have no other option to take.” ඔව්. ඒ වෙලාවට පීඩනයක් උනත්, පසුව ගොඩක් සතුටු වෙන්නට පුළුවන්, අපේ ශක්තිවන්ත බව ගැන හිතල.
      බොහොම ස්තුතියි කොමෙන්ටුවට.

      Delete
  2. පලවෙනි වින්ටරේ පරෙස්සම් වෙයන්,
    ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක ගහ ගත්තද.
    ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. වින්ටරේ... හිමත් වැටුන අනේ.
      වැක්සින් එක නම් ගහ ගත්තේ නැහැ... ඔබ කිවුවට පස්සේ තමයි මම දන්නේ එය වැදගත් කියලත්. අපේ මෙඩිකල් සෙන්ටර් එකෙන් වැක්සින් එක ලබා දුන්නා, ටික දවසකට කලින්. එක යාලුවෙක් ඔය වැක්සින් එක ගත්ත මට මතකයි. මමත් ඇතුළුව අනිත් අය එය මග හැරිය. දැන් ඉතින් මොනව කරන්නද නේද. අන්තිම කැමති පත්‍රය ලියල තියන්න ඕන, කොයි එකටත් කියල.

      Delete
    2. සෝ නන් දෙස් කා ? සොරෙවෝ දයිජෝබු දෙස්කෙදෝ!!!
      ක්යෝත්සුකෙතේ!!!

      Delete
  3. ඕනම දෙයකට කට්ටක් කන්න ඕන නැත්නම් ඒ කරන දෙයින් කිසි ගතියක් දැනෙන්නෑ. ඔබට දුක් කරදර විදීමට සිදු නොවුනනම් සමහර විට ඔබ මේ තැන සිටීමට නොහැකි වනු ඇත.
    ජය වේවා! දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. බොහොම ස්තුතියි ලියන්නට දිරි දෙනවට මහේෂ්.
      වරදිනකම් බලන් ඉන්නා සහ "උඹට බැහැ" කියන අය ගොඩක් ඉන්න ලෝකේ, මගේ ලිවීම උදෙසා බ්ලොග් එකේ සහය ලබා දෙන්නට ඔබ වැනි අය සිටිනා එක හරිම වාසනාවක්, ඇත්තටම.

      Delete
  4. / “ඇයි මට මේක කලින් චෙක් කරන්න බැරි උනේ?” මට හරිම ගිල්ටි හිතුනා, මා ගැනම /

    මගෙ හිතේ ඇතිවුනේ තරහක්...මා ගැනම...

    නියමයි මැඩම්.........ලස්සනට ලියවෙනවා කතාව.....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී තුමා. ඔන්න නිවැරදි කළා.
      උඩ මහේෂ් ට කිවුව වගේ, මේ දිරිගැන්වීම් වල ඔබට දැනෙනවාට වඩා මට ලොකු වටිනාකමක් තියනවා.
      බොහොම ස්තුතියි.

      Delete
  5. ඉතුරු කොටස් ඉක්මනටම දාන්න. ජපානයේ විශ්ව විද්‍යාල අත්දැකීම ගැනත් අහන්න ආසයි. I have heard that researchers life there is really demanding..!

    ReplyDelete
    Replies
    1. එහෙම මේ මහා ලොකු ඩිමාන්ඩ් එකක් නැහැ මෙයා. හොඳක්, නරකක්, කෙසේ වෙතත්, මෙහෙ වෙනස්. ඒ වෙනස ගැන ලියන්නම්කො හෙමින්.

      බලල් හාමිනේ ගේ රිසර්ච් වලට ඔන්න විශ් කරනවා මම.

      Delete
    2. මම නම් ඊට එකග නැහැ. ජපානයේ පර්යේෂණ කියන්නේ හැම මොහොතේම අලුත් දෙයක්. පර්යේෂණ සදහා අවශ්‍ය වන අරමුදල් පිටත අනෙකුත් ජාතික විශ්විද්‍යාල වල විද්‍යාගාර පහසුකම් හා වැනි ආයතන හරහා පහසුවෙන් ලබාගත හැකියි. නිලධාරීවාදය ඉතාම අඩු නිසා වැඩ කිරීමට පහසුයි. මුලදී මන්සිවෙලා ජපන් ළමයින්ට ඉංග්‍රීසි ටිකක උගන්න ගත්තොත් පර්යේෂණ සදහා ජපන් ජාතික කනිෂ්ට සිසුන්ගේ සහයෝගය ඉතා ඉහලයි. ගොඩාක් නැතිවුනත් පර්යේෂණ වලින් ඉදිරියෙන් ඉන්න රටවල් කීපයක අත්දැකීම් අනුව නම් මගේ අදහස බලල හාමිනේ හිතපු එක හරි. තමුන්ගේ පර්යේෂණ වලින් විනෝදයක් ලැබීම අතන් ගත්තම නම් ජපන්නු ඉන්නේ අංක එකේ. මෙහෙට එන්න කැමති නම් ඕනනේ එක විවුර්ත වෙනවා මාර්තු අග වෙනකොට. ගොඩක් ය හිතනවා වගේ ලොකු ජපන් දැනුමක් ඕනේ වෙන්නේ නැහැ අධ්‍යාපන හා පර්යේෂණ වැඩ වලට. හැම මහාචාර්ය වරයෙකුටම වගේ සතුටුදායක ලෙස ඉංග්රී භාෂාවෙන් සන්නිවේදනය කරන්න පුළුවන්. මොම්බුකගකුශෝ හැරෙන්නට හෙයිව-නකජිමා, රොටරි-යොනයමා, සතොයෝ වැනි එකී මෙකී නොකී ශිෂ්යත්ව ගොඩක් තිබෙනවා. ඒවගේම විශ්වවිද්‍යාල වලට සම්බධ ප්‍රාදේශීය ශිෂ්‍යත්ව, සමාගම් වලින් ලබාදෙන ප්‍රසිද්ධ නොවෙන ශිෂ්‍යත්ව ගොඩක් තිබෙනවා.

      යුරෝපයේ පර්යේෂකයෝ සාමාන්යෙන් හවස 6 ට පමණ ගෙදර යනවා. සින්ගප්පොරුවේ නම් 7-8 වගේ. එත් ජපානයේ නම් සාමාන්යෙන් අඩුම තරමේ පැය 12-15 ක් පමණ පර්යේෂකයෙක් වැඩ කරනවා. අනික ජ්‍යාත්‍යන්තර සමුළුවකට ගියත් ජපානයෙන් එන පර්යේෂකයෝ තමයි කැපී පෙනෙන්නේ. (ඇමෙරිකානුවෝ, ජර්මන් ජාතිකයෝ, ප්‍රංශ ජාතිකයෝ ත් නැතුව නොවෙයි.)

      ලෝකේ දැන්වත් රටවල් කොයිතරම් තිබුනත් එකම පරිපූර්ණ රටක් හෝ ඊට අසන්න රටක් තියෙනවා නම් ඒ ජපානය.

      ඔන්න පොඩි ප්‍රමෝෂන් එකක් කළා. මන් හිතන්නේ මානවිකවිය අමනාප වෙන එකක් නැහැ.

      Delete
  6. ඔන්න දැන් ටික ටික පිළිවෙලට ලියවෙනවා.තවත් හොඳින් ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලප තුමා, මේ කරන දිරිගැන්වීමට.
      ගොඩක් ස්තුතියි.

      Delete
  7. සාමාන්‍ය තැපෑලෙන් නැතුව කුරියර් සර්විස් එකකින් අයදුම්පත ඉල්ලන්න ඇති වගේ බලමුකෝ ඉදිරියට.

    ReplyDelete

ජපන් කතා - කසල බැහැරකිරීම

මේ දවස් වල කුණු කතා ගොඩක් ඇදෙන නිසා, ජපානයේ කැලිකසල කළමනාකරණය පිලිබඳ මගේ අත්දැකීම් ටිකක් ලියා තබන්නට හිතුව. ජපානයේ කැලි කසල ඇතුළු බොහෝ ...